> ## Content Index
> Fetch the complete content index at: https://blog.ceyloncash.com/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Bitcoin ඉවරද?
- URL: https://blog.ceyloncash.com/bitcoin-ivrd/
- Published: 2022-01-29T19:10:07.000Z
- Updated: 2022-02-07T03:33:20.000Z
- Author: SL Bitcoiner

නෑ... පටන් ගත්ත විතරයි. 

මේ මාසේ bitcoin price එකට එච්චර හොඳ මාසයක් නොවුනත් bitcoin වලට සුභ ආරංචි ගොඩක් අහන්න ලැබුන මාසයක්. ඇමෙරිකාවේ ප්‍රාන්තයක් වන ඇරිසෝනා ප්‍රාන්තය අලුත් පනතක් ගෙනල්ල තියනව bitcoin ඒ ප්‍රාන්තය තුල legal tender ඒ කියන්නේ වලංගු මුදල් ඒකකයක් විදිහට පාවිච්චි කරන්න. අපි දන්නවා ලෝකේ මුලින්ම මෙහෙම දෙයක් කලේ එල් සැල්වදෝරය. ඒ පුංචි රට අනුගමනය කරල ඇමෙරිකාවේ ප්‍රාන්තෙකුත් මෙහෙම දෙයක් කරන්න යනවා කියන්නේ ලොකු පෙරලියක්.

![](https://digitalpress.fra1.cdn.digitaloceanspaces.com/tdd7bvn/2022/01/image.png)

![](https://digitalpress.fra1.cdn.digitaloceanspaces.com/tdd7bvn/2022/01/image-2.png)

ඒ වගේම තමයි ඇමෙරිකාවේම Texas ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට තරඟ කරන දෙදෙනාම ඇමෙරිකාවේ bitcoin ප්‍රාන්තය බවට Texas පත්කරන්නත් legal tender විදිහට bitcoin භාවිතාකරන්න නීතිමය අවසර ලබා දෙන්නත් පොරොන්දු වෙලා තියනව. 

![](https://digitalpress.fra1.cdn.digitaloceanspaces.com/tdd7bvn/2022/01/image-3.png)

ඒ වගේම රුසියාවත් bitcoin තරඟෙට බැහැල. ලෝකයේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු නිපදවන දැවැන්තයෙක් විදිහට රුසියාව බලශක්ති ක්ෂේත්‍රයේ ඉහලින්ම ඉන්නවා. ඔවුන් නිපදවන අතිරික්ත බලශක්තිය පාවිච්චි කරලා bitcoin mine කරන්නත්, bitcoin භාවිත කරන්න විදිමත් නීතිමය රාමු සකසන්නත් ව්ලඩිමියර් පුටින් ජනපති වරයා එරට බලධාරීන්ට උපදෙස් දීල තියනව.

![](https://digitalpress.fra1.cdn.digitaloceanspaces.com/tdd7bvn/2022/01/image-4.png)

 ඒ වගේම ලතින් ඇමරිකාවේ තවත් රටවල් කීපයක් නීතිමය වශයෙන් අනුමත මුදලක් විදිහට bitcoin පාවිච්චියට සුදානම් වෙනවා කියල ආරංචි වෙනවා. ඉතින් මේ අවුරුද්ද bitcoin වලට ලොකු අවුරුද්දක් වෙයි. ඒ වගේම ඊළඟ අවුරුදු 10ත් bitcoin ලොකු පෙරලියක් කරයි. price එක දිහා නොබලා DCA කරන්න ඉගෙන ගන්න.