Bitcoin ගැන ඇත්ත නැත්ත
#Bitcoin ගැන ගොඩක් වැරදි හා නොමග යවනසුළු මත හැමතැනම. ඔයාලත් මේවා අහල තියනවද බලන්න
1) "Bitcoin කියන්නේ හරිම volatile වගේම speculation මත value එක තීරණය වුණ digital currency එකක්"
මේක බාගෙට බොරු. Bitcoin කියන්නේ Store of Value එකක්. ඒ කියන්නේ අපේ ශ්‍රමය වැය කරලා භාණ්ඩ හෝ සේවා ලබා දීල අපි හොයන ධනය devalue නොවී (ඒ කියන්නේ ඒකෙ purchasing power එක අඩු නොවී ) තියාගන්න පුලුවන් දෙයක්. Bitcoin blockchain එකේ එක බ්ලොක් එකක දාන්න පුලුවන් උපරිම transaction ගණනක් තියනව. 7 per second වගේ ගානක්. ඒත් currency එකක ඊට වඩා ගනුදෙනු වෙනව. හැබැයි Bitcoin නෙට්වර්ක් එක පාවිච්චි කරලා 2nd layer solutions වෙන lightning network එකෙන් තත්පරයට ගනුදෙනු මිලියන ගානක් කරන්න පුලුවන් නිසා දැන් currency එකක් විදිහට යොදාගන්න පුලුවන්. එල් සැල්වදෝරය මේක කරනවා. අනික ලෝකේ හැම currency එකක්ම fiat currency. ඒ කියන්නේ කිසිම දෙකින් back වෙලා නෑ. ඉස්සර 1971ට කලින් ඩොලර් එකක් ඇමෙරිකන් බැංකුවකට දුන්නම සම්මත ප්‍රමාණයක් රත්තරන් ගන්න පුළුවන්. ඒත් අද එහෙම බෑ. gold peg එකක් නෑ. ඕනේ තරම් ප්‍රින්ට් කරනවා. ඒත් bitcoin ලෝකේ තියෙන්න පුළුවන් මිලියන 21ක් විතරයි. ඒක software එකේ ලියල තියනව. hard coded. ඉතින් ශක්‍රයා ආවත් රුපියල් අච්චු ගහනවා වගේ අච්චු ගහන්න බෑ. ඒ හින්ද තමයි අගය අඩු වෙන්නේ නැත්තේ. Bitcoin වල value එක තීරණය වෙන්නේ speculation නිසා නෙවෙයි. Supply and demand එක මත. fixed supply නිසා ඩිමාන්ඩ් එක වැඩි වෙද්දී මිල නිකම්ම ඉහල යනවා. මේක store of value එකක් විදිහට අදුනගන්න ධනවත් පිරිස දවසෙන් දවස වැඩි වෙනව. ඩොලර් බිලියන ගණන් දීල ඒ අය bitcoin ගන්නවා. මයිකල් සේලර්, ඉලෝන් මසක්, ජැක් ඩොර්සි මේ වගේ කීප දෙනෙක්. ඊට පස්සේ රටවල් තමන්ගේ balance sheet එකට bitcoin ගන්නවා. ගෝල්ඩ් වගේ asset එකක් විදිහට.
2) "ලංකාවට ඕක නොගැලපෙන්න dollar outflow එකක් වෙනවා"
ලංකාවේ කෙලින්ම බැංකු වලින් bitcoin ගන්න බෑ. exchanges වලට අපේ bank account ලින්ක් කරන්නත් බෑ. ඉතින් ගන්න වෙන්නේ p2p. binance, localbicoins වගේ සයිට් වලින්. එහෙම ගන්නකොට ලංකාවේ කෙනෙක් අතේ දැන් තියන බිට්කොයින් තමයි අපි සල්ලි දීල ගන්නේ. ඉතින් ඩොලර් පිට යන්නේ නෑ.
3) " තමන්ට loss එක bear කරන්න පුළුවන් ගාණක් තියෙනවානම් විතරක් invest කරන්න"
මේකේ යම්කිසි ඇත්තක් තියනව තමන් කෙටිකාලෙකට විතරක් buy and sell කරලා සල්ලි හොයන්න ඉන්නවනම්. ඒත් bitcoin කියන්නේ මම මුලින් කිව්වා වගේ non-depreciating asset එකක්. ඒක අපි ගන්න ඕනේ පරම්පරා ගානකට තියාගන්න. සමහරු digital real estate කියල කියන්නේ මේකයි. ඔයාට 1800 ගණන් වලදී කොළඹ 7න් ඉඩමක් තුට්ටු දෙකට ගන්න පුලුවන් කමක් තිබ්බනම් ඔයා ඒක අරන් 1850දි විකුනනවානම් ඒ පොඩි කාලේ අතරතුර උන මිල වැඩිවීම නිසා පොඩි ලාභයක් ඔයාට එයි. එත් ඒක තියාගත්තනම් පරම්පරා ගානක් යනකම් hard asset එකක් ඔයාට තියනව. එක නිසා bitcoin ගන්න ඕනේ අවුරුදු 100ක් විතර ඈත බලල.
4) "Cryptocurrency challenge එක තමයි electricity විශාල විදියට පාවිච්චිය සහ ඒවා renewable energy නොවීම"
අනිත් crypto currency කොහොම වෙතත් bitcoin හදල තියන්නේම මේ proof of work කියන සිස්ටම් එකට. ඒ කියන්නේ අලුතෙන් bitcoin mine කරන්න නම් තමන් යම් කාර්යයක් සිදු කළා කියලා ඔප්පු කරන්න ඕනේ. මේ කාර්ය තමයි cryptographic problem එකක් solve කරන එක. එහෙම කලාම blockchain එකට අලුතෙන් block එකක් එනව. ඒ block එක mine කරපු කෙනාට bitcoin 6.25ක reward එකක් එනව. මේක ගන්න තමයි කට්ටිය mining rigs ගහගෙන mine කරන්නේ. මේක නෙට්වර්ක් එකේ safety එකට ගොඩක් හොඳයි. තමන්ට ලැබෙන ලාබය වැඩි කරගන්න අඩුම වියදමක් තියන විදුලිය තමයි miners ල යොදාගන්නේ. දැනට 56%ක් renewable energy තමයි bitcoin නෙට්වර්ක් එක use කරන්නේ. ඉදිරියට මේ ප්‍රමාණය තව වැඩි වෙනව.
---- මට කියන්න තියෙන්නේ තමන් මහන්සියෙන් හම්බකරන ධනය ආරක්ෂා කරගන්න මාසෙට fixed amount එකක් bitcoin වල save කරන්න. Dollar cost average (DCA) කරන්න. සයිබර් අවකාශයේ ඉඩමක් ගන්නවා වගේ හිතන්න. ඔයාගේ ළමයි, ළමයින්ගේ ළමයි ඔයාට පින් දෙයි කවද හරි.
@SL_BTC