මොකක්ද මේ Auto CAKE Syrup Pool

cake May 2, 2021
🥞 PancakeSwap - A next evolution DeFi exchange on Binance Smart Chain (BSC)
The most popular AMM on BSC! Earn CAKE through yield farming or win it in the Lottery, then stake it in Syrup Pools to earn more tokens! Initial Farm Offerings (new token launch model pioneered by PancakeSwap), NFTs, and more, on a platform you can trust.

දැන් ඔබට CAKE Stake කිරීමට Pools දෙකක් Pancakeswap එක මගින් ලබා දේ. එකක් නම් Manual CAKE-CAKE Pool වන අතර අනෙක Auto-Compunding CAKE-CAKE Pool එක වේ.

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු පහලදී කියවමු. කෙසේ වෙතත් මේ කුමන Pool එකෙන් වුවත් ඔබට ඔබගේ CAKE Stake කර ඒ සඳහා වැඩිපුර CAKE ප්‍රමාණයක් උපයා ගැනීමට අවස්තාව ලබා දෙයි.

Manual CAKE

ඔබට Syrup Pool එක මගින් ඔබ උපයන CAKE නැවතත් එම Pool එකේම Stake කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා Manually Harvest කර නැවත Stake කිරීමට සිදු වේ. එනම් Pancakeswap වෙබ් අඩවියට පැමිණ Harvest Buttons Click කිරීම නැතහොත් Compound Buttons Click කිරීම සිදුකල යුතු වේ, මෙහිදී කුඩා BNB Fee එකක් ද ගෙවීමට සිදුවේ.

මෙහිදී ලැබෙන පොලිය APR ලෙස දිස්වන අතර එහිදී Compounding අදාල නොවේ.

Auto CAKE

සරලවම කිව්වොත් මෙහිදී ඔබේ CAKE Stake කර එය අමතක කර සිටිය හැක. නැවත Syrup Pool එක තුලම Reinvest වන අතර මෙහිදී Transaction Fee එකද ඉතුරු වේ.

මෙහිදී "Automatic" Compounding ක්‍රියාවලිය සිදු කරන්නේ අනෙක් අය අතින් වන අතර ඔවුන්ට කුඩා Bounty එකක් නැතහොත් Reward එකක් ඒ සඳහා ලැබේ.

මෙහිදී ලැබෙන පොලිය APY ලෙස දිස්වන අතර එය ගණනය වන්නේ Couponing අදාල කරගෙනය.

Pool එක Auto Compund වෙන සෑම අවස්තාවේදීම කුඩා Performance Fee එකක් ඔබගේ ආදායමෙන් අයකරගන්නා අතර එය පහත පරිදී වේ.

මීට අමතරව ඔබ Stake කර දින 3ක් ඇතුලත් නැවත ගන්නේ නම් Unstaking fee එකක් ද අදාල වේ.

මේ Auto CAKE Syrup Pool එකට අදාල වෙන Fees මොනවාද?

Deposit fee

නැත

Unstaking fee

පැය 72ක් ඇතුලත Unstake කලහොත් 0.1% ක ප්‍රමාණයක්

මෙය අදාල වන්නේ Manual Stake කර දින 3ක් සඳහා පමණි. දින 3කට පසුව ඔබට Fees රහිතව unstake කල හැක.

දින 3 කාල ගණනය සෑම Manual Staking එකකදීම reset වෙයි.

Automatic Compounding සඳහා මෙය Reset වීමක් සිදු නොවේ.

Performance fee

ඔබ Harvest කරන මුදලින් 2% ක ප්‍රමාණයක් සෑම yield harvest එකක් සිදුකිරීමේදී අයවේ.

උදාහරණයක් ලෙස 1 CAKE එකක් ඔබ Harvest කලහොත් ඒ අවස්ථාවේදී 0.02CAKE ප්‍රමාණයක් Performance Fee වශයෙන් කැපේ.

මෙම එකතු වන Unstaking Fees සහ Performance Fees සෑම සතියකදීම සිදුවන CAKE Burn එකෙදේ Network එකෙන් ඉවත් කෙරේ.

මෙය CAKE ලඟ තබාගන්නා අයට විශේෂයෙන් ලාබදායී වන්නේ පරිහරණයේ පවතින CAKE ප්‍රමාණය අඩු වීම මගින් උද්ධමනය අඩුකිරීමට සහය දෙන නිසායි.

Auto CAKE Syrup Pool එක භාවිතා කරන්න හොඳම විදිහ මොකක්ද?

සරලයි:  CAKE Stake කරන්න, නමුත් පැය 72ක් යනතුරු ඉවත් නොකට සිටින්න එවිට ඔබට ගෙවිය යුතු වන්නේ Performance Fee පමණි.

මොකක්ද මේ Auto CAKE bounty එක?

Auto CAKE Bounty: මුලු CAKE Pool එකේම සාමාජිකයන්ගේ ආදායමෙන් 0.05% ක මුදලක් මේ සඳහා අදාල වේ.

මෙම Bounty එක වෙනත් පරිශීලකයින්ට සේවාවක් සැපයීම සඳහා වූ ත්‍යාගයක් ලෙස දෙනු ලැබේ.

ඉහත ඇති Button එක Click කර Bounty Claim කල හැකි වන අතර ඔබ Bounty එකක් සඳහා හිමිකම් කියන සෑම අවස්ථාවකමAuto CAKE Pool එකේ Compound කිරීමේ ක්‍රියාවලිය සක්‍රිය කිරීම සිදු කරයි.

ඔබගේ ගනුදෙනුව ඉදිරිපත් කිරීම සඳහා ඔබ වැය කරන BNB ගාස්තුවට වඩා වැඩි CAKE ප්‍රමාණයක් ලැබෙන අවස්ථාවකදී පමණක් Bounty Claim කිරීමට වග බලාගන්න.

මේ පිලිබඳ තවත් තොරතුරු PancakeSwap වෙබ් අඩවියෙන්ද PancakeSwap Docs හරහා ද ලබාගත හැක.

Tags