Hardware wallet භාවිතය සම්බන්ධයෙන් දැනුවත් විය යුතු කරුණු

wallet Mar 8, 2021
Image for post

1. පෞද්ගලික යතුරු (Private keys) යනු කුමක්ද?

Bitcoin ඇතුළුව සියලුම cryptocurrencies වල සුරක්ෂිතබවය රදාපවතින්නේ අදාල වොලටයෙහි private key එක මතයි. මෙම private key මගින් ඔබේ ඔබගේ වොලටයෙන් මුදල් වියදම් වන ආකාරයෙන් සිදුකරන ඕනෑම ගනුදෙනුවක් sign කිරීමක් සිදුකරයි. මෙම වොලටයට unique වෙන private key අමුතු දෙයක් නොව ඔබගේ crypto address එක මෙන්ම අකුරු සහ ඉලක්කම් වලින් සමන්විත දිගු කේතයක් වෙයි. මෙම private keyහි දිග blockchain එකින් එකට වෙනස් විය හැකිය.

සරලවම කිවහොත් මෙම key එක නැතිවූ crypto wallet එකක ඩොලර් කෝටියක් තිබ්බත් ඒ සල්ලි වලින් කිසිදු වැඩක් වෙන්නේ නැ මොකද ඒ wallet එකෙන් සල්ලි එලියට ගන්න අනිවාර්න්ම් මෙම private key එක අත්‍යවශ්‍යයි.

2. Exchange එකක ඔබගේ දිර්ගකාලින තැම්පතු තැබීම නුවනට හුරු නොවන්නේ ඇයි ?

ඔබ binance, bybit වැනි crypto exchange එකක් බාවිත කරනවානම් ඒවායෙහි ඇති ඔබගේ wallet වලට අදාළ පෞද්ගලික යතුරු ගබඩා වී ඇත්තේ අදාල සමාගමට අයත් දත්ත ගබඩාවෙයි. යම්කිසි ආකාරයකි එම ආයතනයේ සුරක්ෂිත බාවයට හානියක් වී එහි දත්ත පිටතට ගැනීමට යමෙක්ට හැකිවන්නේ නම් සිය දහස් ගණනක් දෙනෙකුගේ පෞද්ගලික යතුරු ලබාගැනීමට ඔවුනට හැකිවේ. එමනිසා exchanges වැනි අන්තර්ජාලයට නිරන්තරයෙන් සම්බන්දව පවතින wallets, hot wallets ලෙස හදුන්වයි. මේ කාරණය නිසා exchange එකක ඔබේ දිගුකලීන savings තැබීම වැඩිය නුවනට හුරු නොවේ. මෙවැනි exchange hack වීමක් සිදුවන්නේ බොහොම කලාතුරකිනි. උදාහරණයක් ලෙස හැකිනම් මෙම binance hackවී ඩොලර් මිලියන 40ක් hackersල අතට ගිය හැටි පිලිබදව ඉංග්‍රීසි බසින් ඇති ලිපිය කියවන්න.

2. Hardware wallet යනු කුමක්ද?

සරලවම කිවහොත් මෙය ඔබගේ cryptocurrency wallets සදහා ඇති private keys ගබඩාකර තිබියැහැකි device එකක්. විවිද ආයතන විවිද ආකාරයේ hardware wallets නිපදවයි. ඒ අතරින් ප්‍රසිද්දම වන්නේ Ledger සහ Trezor ආයතනයන් වෙයි.

මේවයේ ඇති විශේෂිත memory කොටසක ඔබගේ private keys ගබඩාවිම සිදුකරයි. ඔබ වොලටයේ මුදල් වියදම් කරන අකාරයේ කරන ඕනෑම ගනුදෙනුවකට ඔබට මෙම hardware වොලටයේ ඇති display එක මගින් දෙන විදාන අනුව එහි ඇති physical buttons අදාරයෙන් ඔබේ අදාළ transaction එක approve කිරීම හෝ decline කිරීම සිදුකල හැකිය.

3. මෙම hardware wallets ඔබගේ crypto private keys ගබඩා කිරීමට වඩාත් ආරක්ෂාකාරී වන්නේ කෙසේද?

ඔබගේ වොලටය තුල ඇති ඔබගේ private keys කිසිම ආකාරයකින් මෙම උපකරණයෙන් එලියට නොඑයි, අවම වශයෙන් ඔබටවත් ඒවා කුමක්ද කියා බැලිය නොහැකි. ඔබ ගනුදෙනුවක් සිදුකරනවිට වන්නේ ඔබගේ ගනුදෙනුවට අදාළ විස්තරය මෙම උපකරණය තුලට පැමිණ උපකරණය තුලදීම ඉහත කී sign වීම සිදුවී එම sign වූ transaction එක උපකරණයෙන් එලියට ඒමයි. උපකරණයෙන් එලියට එන්නේ sign වුනු transaction එක මිසක් ඔබගේ private keys නොවේ. එමනිසා අවමවශයෙන් ඔබ මෙම උපකරණ සම්බන්ද කරන computer or mobile device වලටවත් කිසිම අකාරයකින් ඔබගේ private keys කියවීමට අවස්ව්තාවක් නොලැබේ.

4. මරුනේ, දැන් එතනොට මේක නැති උනොත් හරි කැඩුනොත් හරි මගේ සල්ලි ටික වතුරේද?

ඔව් එහෙම වෙනවා ඔබ මෙහි setup process එකේදී දෙන විදාන නියම ආකාරයෙන් පිලි නොපද්දොත්! මෙම ඕනෑම hardware wallet එකක් ප්‍රථම වතාවට බාවිතයට ගැනීම සදහා යදිදී මෙහි යම් step එකක ඔබගේ 24 words seed phrase එක දිස් කරනු ලබයි. මේවා ලියාගැනීමට මේම wallets box වල කොලත් දෙනු ලබයි. මෙම seed phrases ඔබගේ private keys මෙන්ම ආරක්ෂා කර තැබිය යුතුය. මොකද ඔබගේ wallet එක කැඩුනොත් හරි නැති උනොත් හරි ඔයාගේ මුදල් සහිත wallets නැවත ලබාගැනීමට ඔබට තිබෙන අවසාන තුරුම්පුව මෙය වෙයි. ඔබට ඕනෑම නව hardware wallet එකක් restore from backup phrase යන option එක තුලින් ඔබගේ සියලුම wallets වලට අදාළ private keys re-generate කර හැකිය. එමගින් ඔබගේ නැතිවූ හෝ ක්‍රියාකිරීමට නොහැකි පරණ wallet එකේ ඇති සියලුම crypto wallets වලට අදාළ private keys අකුරක් නෑර recreate කරගැනීමට මෙම device වලට හැකියාව ඇත. ඔයා ගණිතයට කැමති නැද්ද? අද ඉදන් කැමති වෙන්න. මොකද ඔයාගේ seed phrase එකෙන් ඔයාගේ ඔක්කොම private keys නැවත generate කරගන්න හැකියාව ලැබිල තියෙන්නේ ගණිතමය calculations විශාල ප්‍රමාණයක එකතුවකින්.

මෙම seed phrases online ගබඩාකර තැබීම කිසිසේත්ම නුවනට හුරු නොවේ. මොකද එයින් ඔබ ඔබගේ hardware wallet (cold wallet) එක නැවත hot කරගැනීමක් වැනි දෙයක් සිදුකරගනු ලබයි. එමනිසා එය සැමවිටම බෞතිකමය කොලයක ලියා ප්‍රවේසම් තැනක තැබීම වැදගත් වෙයි.

5) Passphrase / salt කියන්නේ මොනාද?

මෙම device වල ඔබගේ seed phrase එකට අමතරව secret salt එකක් දැමීමටත් පහසුකම් සලසා දී ඇත. මෙය ඔබගේ keys වල ආරක්ෂාව තවත් තහවුරු කරයි. මක්නිසාදයත් එවිට ඔබගේ wallet එක නව hardware wallet එකක් මත restore කිරීමට seed phrase එකට අමතරව ඔබගේ secret salt එකත් අවශ්‍ය වන නිසා. තවද ඔබට secret salt කිහිපයකින් එක hardware wallet එකක් තුල එකම currency එකේ accounts කීපයක් තබාගැනීමට හැකිවේ.

මං හිතනවා ඔයාලට තියෙන ප්‍රශ්න ගොඩක් මේකෙන් විසදෙන්න ඇති කියල. තව ප්‍රශ්න තියෙනවනම් @MrScoopaට telegram message එකක් දන්නකෝ.

අලුත් ලිපියකින් සෙට් වෙමු.

අමතර කියවීම්:

Master seed

Tags

Dilshan Madushanka

Extrovert | Software Developer | Investor | Proud Sri Lankan 🇱🇰