බිට්කොයින් දිනය (සැප්තැම්බර් 07) #BitcoinDay #BTC #ElSalvador

Bitcoin Sep 19, 2021

ඔයාල සමහරවිට දකින්න ඇති එල් සැල්වදෝරය ඒ රටේ පිළිගත් මුදල් ඒකකයක් විදිහට බිට්කොයින් භාවිතාකරන්න පටන්ගත්ත. ඇත්තටම මේක ලෝක ඉතිහාසයේ ඉතාම වැදගත් දවසක්. මේ පෝස්ට් එකෙන් අපි බලමු ඇයි මේ දවස ලෝකෙට වැදගත් කියල.

ලෝකේ හැම රටක්ම පාවිච්චි කරන්නේ ඒ රටේ හරි වෙන රටක හරි මහ බැංකුවකින් නිකුත් කරපු මුදල්. මහ බැංකුවයි ඒ රටේ භාණ්ඩාගාරයයි එකතු වෙලා තමයි ඒ අදාල රටේ මුල්‍ය ප්‍රතිපත්තිය හදන්නේ. රටේ ආර්ථිකය යන විදිහ බැලුවම හැම රටකම වියදමට වඩා අදායම අඩුයි. ඉතින් මේ වෙනස පියවගන්න මහබැංකු සල්ලි අච්චු ගහනව.

සල්ලි print කලාම වෙන දේ දැන් ලංකාවේ වගේම ලෝකේ හැම මනුස්සයෙක්ටම දැනීගෙන යන කාලයක් මේ. ඒකට තමයි උද්ධමනය නැත්තම් inflation කියන්නේ. මුදලේ අගය අඩු වෙලා, මුදල් ඒකකයකින් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙන එක තමයි inflation කියන්නේ.

බැලූ බැල්මට අපිට පේන්නේ බඩු වල, ඉඩම් වල, රත්තරන් වල මිල ඉහල ගිහින් වගේ. supply chain ප්‍රශ්න අතහැරියොත් මේ මිල ඉහල යන්නේ ප්‍රධාන වශයෙන් උද්ධමනය නිසා.

මේ උද්ධමනයට කාල මංකොල්ලය (time theft) කියලත් කියනව. තමන් දාඩිය මහන්සියෙන් වැඩ කරලා හම්බෙන සල්ලි වල අගය කාලයත් එක්ක අඩු වෙනවා කියන්නේ කාලෙකට කලින් දවසක් වැඩකරලා උපයන සල්ලි වලින් ගන්න බඩුවක් ගන්න දැන් දවසට වඩා වැඩ කරන්න ඕනේ කියන එක. බලනකොට ලෝකයේ වටිනාම දේ වුන කාලය අපිට නැති වෙලා.

තමන්ගේ සල්ලි වල අගය අඩු නොවී තියාගන්න මිනිස්සුන්ට සිද්ද වෙනවා ස්ටොක් වල invest කරන්න, gold, silver වගේ දේවල් ගන්න, ඉඩම් ගන්න. නිකම්ම බැංකු ගිනුමක තියන් ඉන්න එක වැඩක් නෑ. හැබැයි stock index වල value එකත් අර print කරපු සල්ලි ප්‍රමාණය සලකුවම වැඩි වෙලා නෑ.

මේ සංසිද්දියේ extreme case එකක් 1930 ගණන් වල වයිමාර් ජර්මනියේ gold මිලට සිද්ධ වෙලා තියනව. ඒ කාලේ යුධ වියදම් පියවගන්න හෝ ගාල සල්ලි print කරපු නිසා gold වල (වගේම ස්ටොක්, ඉඩම් වල) මිල ගොඩක් ඉහල ගිහින් තියනව. gold වල chart එක බැලුවම හරිම volatile විදිහට තමයි මිල ඉහල ගිහින් තියෙන්නේ.

කට්ටිය හිතල තියෙන්නේ ඒ අය ගොඩක් පෝසත් වෙනවා කියල. මොකද ස්ටොක් වගේ දේවල් වලත් මිල ඉහල ගිය නිසා. එත් ඇත්තටම සිද්ද වුනේ මුදලේ අගය ගොඩක් අඩු වීම. මේක දැනුත් වෙනවා Zimbabwe, Venezuela, Lebanon වගේ රටවල් වල. Hyperinflation කියන්නෙත් මේක.

දැන් හිතමු රටක මුදලේ අගය ටික ටික වැඩි වෙනවා කියල. එතකොට මිනිස්සුන්ට තියන මුදලේ purchasing powerඑක කාලයත් එක්ක වැඩි වෙනවා. අද හම්බෙන සල්ලි වලින් අදම ගන්න දෙයක් තව අවුරුද්දකින් ඊට වඩා අඩු මුදලක් දීල ගන්න පුලුවන් වෙනවා. මිනිස්සු අනවශ්‍ය පරිභෝජනයෙන් ඈත් වෙලා ඉතුරු කරන්න පුරුදු වෙනවා.

බිට්කොයින් කියන්නේ උද්ධමනයට ප්‍රතිවිරුද්ධ විදිහේ deflationary monetary policy එකක් hard code කරලා හදපු මුදලක්. Bitcoin control කරන මහ බැංකුවක් නෑ. ඕනේ විදිහට bitcoin supply එක වැඩි කරන්න බෑ. තියෙන්නේ protocol එකක්.

මේ විදිහට central bank එකකින් නිකුත් නොකරපු මුදල් ඒකකයක් රටේ පිළිගත් මුදලක් බවට පත්වුණු පළවෙනි අවස්ථාව තමයි අපි පසුගියදා දැක්කේ. ඒක නිසා තමයි සැප්තැම්බර් 7 වෙනිදා ඉතිහාසගත වෙන්නේ.

නමුත් bitcoin හොයාගෙන තවම අවුරුදු 12ක්වත් නෑ. ඒ හින්ද ඒකේ ඇත්ත value එකට යන ගමන් ඉන්නේ. මේ නිසා අපි එදිනෙදා පාවිච්චි කරන මුදල් ඒකකයකින් bitcoin වල value එක මැන්නොත් ගොඩක් volatile. නමුත් කාලයක් යද්දී bitcoin වල මිල අපේ කාලයේ වටිනාකමට සාපේක්ෂව stable වෙයි.
ඉතින් අපිට බොහොම සතුටුයි එල් සැල්වදෝරය වගේ පොඩි රටක් IMF, ලෝක බැංකුව වගේ බලගතු ආයතන වල බලපෑම් වලට යට නොවී ඒ රටේ මිනිස්සු ගැන හිතල මේ වගේ ලොකු පියවරක් තිබ්බ එක. දකුණු ඇමෙරිකාවේ තවත් රටවල් මේ විදිහට bitcoin තමන්ගේ මුදල් ඒකකයක් විදිහට පාවිච්චියට ගන්න දැනටම plan කරගෙන යනවා.

කවද හරි ලංකාවෙත් මෙහෙම දෙයක් වෙයි කියල අපි බලාපොරොත්තුවෙන් ඉමු. ඒ වෙනුවෙන් වැඩ කරමු.


Originally Posted on https://twitter.com/SL_BTC/status/1436436437734510596

Tags