බිට්කොයින් ගිනිකඳු බැඳුම්කර

Dec 2, 2021

අපි දන්නවා මිට මාස කීපයකට කලින් එල් සැල්වදෝරය ඒ රටේ නිත්‍යානුකුල මුදලක් විදිහට බිට්කොයින් පාවිච්චි කරන්න ගත්ත. කිසිම මහ බැංකුවකින් නිකුත් කරන්නේ නැති, කාටවත් ඕනේ විදිහට පාලනය කරන්න බැරි දෙයක් වෙච්ච බිට්කොයින්, ලෝකයේ ප්‍රථම වතාවට තමයි ඒ විදිහට රටක පිළිගත් මුදලක් විදිහට පාවිච්චි කරන්න ගත්තේ. ගිය සතියේ තවත් ලොකු වැඩකට එල් සැල්වදෝරය ඇත ගැහුවා. ඒ තමයි බිට්කොයින් බැඳුම්කර. ඕනෙම රටක් තමන්ගේ වියදම් පියවගන්න කරන දෙයක් තමයි ස්වෛරී බැඳුම්කර (sovereign bonds) නිකුත් කරන එක.  ඇත්තටම මේ විදිහට බැඳුම්කර ගන්න අය කරන්නේ අදාළ රටට තමන්ගේ සල්ලි ණයට දෙන එක. බැඳුම්කරය කල් පිරුණට පස්සේ ඒකට ගෙව්ව ගාන ආපහු හම්බවෙනවා. මිට අමතරව හැම මාස 6කට වරක් පොලියක් ලැබෙනවා (coupon). එල්සැල්වදෝරය ලෝකයේ මුල්ම වතාවට ඩොලර් බිලියනයක බිට්කොයින් ගිනිකඳු බැඳුම්කරයක් නිකුත් කරනව කියල එරටේ ජනාධිපති නයිබ් බුකෙලේ පසුගියදා එළිදරව් කළා. මෙයින් ලැබෙන ඩොලර් බිලියනයෙන් භාගයක් යන්නේ බිට්කොයින් මිලදී ගන්න. ඉතුරු මිලියන 500 බිට්කොයින් මුලික කරගත්ත ආර්ථිකයක් තියන නගරයක් හදන්න තමයි යොදාගැනෙන්නේ. මේ නගරය තියෙන්නේ ගිනිකන්දක් පාමුල. ඒ ගිනිකන්ද ආශ්‍රිතව තියන භූ තාප විදුලිබලාගාරය යොදාගෙන බිට්කොයින් මයින් කරන්නත් යෝජනා වෙලා තියනව. ඒ හින්ද තමයි ගිනිකඳු බැඳුම්කර (volcano bonds) කියල නමක් දාල තියෙන්නේ.

6% ක පොලියක් මේ බැඳුම්කර වලට ලැබෙන නිසා ආයෝජකයින්ට ලොකු වාසියක් තියනව. ඒ වගේම අවුරුදු 5ක lock-in period එකකට පස්සේ ගත්ත බිට්කොයින් විකුණලා ලැබෙන ලාභයෙන් 50%කුත් ආයෝජකයන්ට ලැබෙනවා. ඩොලර් ලක්ෂයක බැඳුම්කර අවුරුදු 5කට වඩා තියාගන්නවනම් එල් සැල්වදෝර් පුරවැසි භාවයටත් සුදුසුකම් ලබනවා. මේ වගේ වාසි ගොඩක් තියන නිසා පහසුවෙන්ම ආයෝජකයින් විශාල ප්‍රමාණයක් මේ වෙනුවෙන් ආයෝජනය කරයි කියල එල් සැල්වදෝරය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වගේ බැඳුම්කර 10ක් නිකුත් කරලා අවුරුදු 5-10කත පස්සේ බිට්කොයින් වල මිල ඩොලර් මිලියනක් විතර උනොත් එල් සැල්වදෝරයේ මුළු ණය බරම ගෙවල දාන්නත් පුලුවන් කමක් තියනව. දියුණු වන රටවල් වලට IMF ලෝක බැංකු ණය බරෙන්  මින්න මේක හොඳ මාර්ගයක්.මේ බැඳුම්කරය නිකුත්කරන්නේ Bitfinex exchange එකේ tokenized bond එකක් විදිහට. Token එක තියෙන්නේ bitcoin sidechain එකක් වන liquid network එකේ. එතකොට bond එක අරන් තමන්ගේම wallet එකක තියාගෙන ඉන්න පුළුවන්.  ඒ වගේම EBB1 කියන ticker එක යටතේ trade කරන්නත් පුළුවන්. ඉදිරියට ලෝකයේ අනිත් රටවලුත් මේ වගේ bitcoin bonds නිකුත් කරන එක අනිවාර්යෙන් සිද්ද වෙන දෙයක්.

https://bitcoinmagazine.com/.../emergence-of-