බිට්කොයින් නිසා ගොඩ...!

Feb 6, 2022

ඔයාලට සමහර විට දකින්න ලැබෙන්න ඇති ලෝකේ පුරා මේ වෙනකොට කෝවිඩ්  ලොක්ඩවුන් වලට එරෙහිව උද්ඝෝෂණ සිද්ද වෙනවා. එහෙම කෙරෙන ලොකුම උද්ඝෝෂණයක් කැනඩාවේ ට්‍රක් රියදුරන් සංවිධානය කරලා මේ වෙනකොට ඔටාවා නගරේ සිද්ධ වෙමින් තියනව. මේකට මුදල් එකතුකරන්න ඒකෙ සංවිධායකයෝ fundraising වැඩ වලට ප්‍රසිද්ධ වෙබ් සයිට් එකක් වන gofundme පාවිච්චි කරලා ඩොලර් මිලියනයක් හෙව්වා. ඒත් අවාසනාවකට කැනඩා රජයේ බලකිරීම මත gofundme ආයතනය මේ මුදල් එකතු කිරීම නවත්තල දැනට එකතු වෙච්ච මුදල් ආපහු ඒව පරිත්‍යාග කරපු අයටම return කරන්න අරන්.

මේකට විසඳුමක් විදිහට බිට්කොයින් මුලික කරගෙන fundraising කරන්න සංවිධායකයෝ උත්සහ ගන්නවා. බිට්කොයින් වල power එක තමයි මොන ආණ්ඩුවක් එපා කිව්වත් transaction නවත්තන්න බැරිකම. දැනට ඒ අය ලෝකේ හැම තැනින්ම එන පරිත්‍යාග වලින් දවසක් ඇතුලත බිට්කොයින් 3ක් හොයල තියනව. (link: https://tallyco.in/s/lzxccm/)

දැන් කාට හරි කියන්න පුලුවන් මේ විදිහට ඕනෙම cryptocurrency එකක් යොදාගෙන fundraising කරන්න පුළුවන්නේ කියල. එහෙම බෑ. මොකද ඇත්තටම decentralized network එකක් තියෙන්නේ bitcoin වල. Etherium වගේ අනිත් ඔක්කොම crypto වල nodes සහ minersල ඉන්නේ AWS වගේ ලොකු cloud platform වල. ඒ විතරක් නෙවේ. ඒ ප්‍රොජෙක්ට් වලට leader කෙනෙක් වගේම organization/foundation එකක් තියනවා. ඉතින් ඕනෙම රජයකට පුළුවන් American රජය එක්ක එකතු වෙලා nodes/miners තියන clouds වහන්න. Foundersලව අත්අඩංගුවට අරන් fundraising වලට අදාළ addresses blacklist කරන්න කියන්න. බිට්කොයින් වලට මේවා අදාළ නෑ. ඉතින් අපි බලමු මේ ට්‍රක් රියදුරන් සාර්ථක වෙයිද කියල.