Marble Cards ගැන මුලසිට

marblecards Sep 21, 2021

MarbleCards කියන්නේ Internet Content සහ ඒවායේ වටිනාකම නිරූපණය සඳහා සාදන ලද Platform එකක්. මෙමගින් Website URL එකක් නැතහොත් Link එකක් සඳහා Ethereum හෝ Polygon Blockchain එක මත NFT එකක් නිර්මාණය කල හැක. නමුත් එක් URL එකක් සඳහා එකවරක් පමණක් Marble Card එකක් නිර්මාණය කල හැකි වීම මෙහි විශේෂත්වයක්.

MarbleCards - Collect the web

මොකක්ද මේ Marble Card

Crypto Collectible නැතහොත් NFT එකක් වශයෙන් ඇති මේ Marble Cards, Web URL එකක් මත පදනම් වේ.  උදාහරණ ලෙස https://ethereum.org/en/හෝ https://en.wikipedia.org/wiki/Halloween වැනි URL ගත හැකි වේ.

Marble card එකේ ව්‍යුවහය

සෑම Marble Card එකකම මූලික වශයෙන් කරුණු කිහිපයක් ඇතුළත් වේ:

  • Web Content - එය පදනම් වූ URL එකට අදාල මාතෘකාවෙන් මෙය සැදේ. මේ වන විට Marble Cards සෑදිය හැකි වෙබ් අඩවි ලෙස පහත ඒවා ගත හැක.
  • Marble Pattern. එම විශේෂිත කාඩ්පත සඳහා වූ අද්විතීය, ඇල්ගොරිතම කලා පසුබිමක් නිර්මාණය කර ඇත.

ඊට අමතරව, සෑම කාඩ්පතකම ලක්ෂණ මාලාවක් ඇත:

ඕනෑම කාඩ්පතක් Collection එකකට අයත් වේ. සෑම Collection එකක්ම පදනම් වී ඇත්තේ KnowYourMeme, IMDb, Twitter, Wikipedia, Spotify හෝ Youtube වැනි වෙබ් අඩවියක් මත ය. Marble කළ දිනය හා වේලාව අනුව එකතුවක ඇති සෑම කාඩ්පතකම අංකයක් ඇත.  Collection එකක පළමු URL එක අංක 1 ලබා ගනී.

Marble card වලදී සලකා බැලිය යුතු තවත් කරුණක් නම් එයට කිසියම් Attribute තිබේ ද යන්නයි. Gold, Origin ආදිය Attributes වේ.

Generation.

කාඩ්පත සෑදූ කාලය මත පදනම්ව එයට Generation එකක් ඇත. සෑම Generation එකක්ම විශේෂ සංකේතයකින් නිරූපණය වන අතර එය එක් එක් කාඩ්පතේ කෙලවරේ සහ කාඩ්පත් තොරතුරුවල එය දක්වා ඇත. සෑම Generation එකකටම කාඩ්පත් 25,000 ක ප්‍රමාණයක් ඇත.

Marble rank.

URL එකක් Marble කල විටදි එහි ඇති ජනප්‍රිය භාවය මගින් එය සඳහා Rank එකක් ලබා දෙයි. මෙය Marble Rank නමින් හඳුන්වන අතර පහත කරුණු මේ සඳහා අදාල වේ.

  • Social Media තුල කෙතරම් ප්‍රමාණයක් Share වී ඇත්ද
  • SEO Level එක
  • එම පිටුව සඳහා යෙදී ඇති Backlink ප්‍රමාණය

යම්කිසි කාඩ් පතක Level එක විවිධ ආකාර වලින් දැක්වේ.

  • 1 සිට 100 දක්වා Levels ලෙස, Marble card කාඩ්වල එක් එක් කාඩ්පත යටතේ ඇති තොරතුරුවල ප්‍රදර්ශනය කෙරේ.
  • ඒ ඒ Level සඳහා අදාල වර්ණයද පහත පරිදී සලකුණු වේ

Marble rank එක ඉහලට ගැනීම

Marble Cards වල Ranking එක තමන්ගේ XP (Experience Points) මගින් ඉහලට ගත හැක. ඊට අමතරව Arena එක තුල තරඟ වලට යෙදවීමෙන්ද Card සඳහා XP මෙන්ම MEMCoin ද ලබාගත හැකි වේ.

Marble Cards සැදීම හෝ මිලදී ගැනීම

මේ අවස්ථාව වන විට Marble card එකක් අලුතෙන් සැදීම සඳහා MEMCoin 4 ක අගයක් ද වෙනත් කාඩ්පතක් මිලදි ගැනීමට නම් එම කාඩ්පත සෑදූ කෙනා යොදවා ඇති අගයත් ගෙවිය යුතු වේ.

එකතු කරන්නාට ඇති වටිනාකම

වටිනා යැයි සැලකෙන කාඩ්පත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. කෙසේ වෙතත්, යමක් වැදගත් යැයි මිනිසුන් විශ්වාස කරන තරමට එය වටින්නේය. තවද කාඩ්පතක URL එක වඩාත් අදාළ වන තරමට ද, චිත්‍රපට සඳහා IMDb ද, පුද්ගලයින් සඳහා Twitter/Biography ආදියද, සංගීත කලාකරුවන්  සඳහා Spotify Profiles යනාදී වශයෙන් ද බොහෝ විට ව‍ටිනාකමක් ගනී.

කාඩ්පතේ දෘශ්‍යමාන වන Design එක මගින්ද අගය වෙත හොඳ බලපෑමක් ඇති කළ හැකිය.

ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් එකතු කරන්න

සමහර පුද්ගලයින්ට ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සංගීත කණ්ඩායම් හෝ චිත්‍රපට වල URL පිටු එකතු කර පළමුව ඔවුන් අල්ලා ගැනීම සඳහා අනෙක් අය සමඟ තරඟ කළ හැකිය. අනෙක් අය වැදගත් ප්‍රවෘත්ති හෝ තම ප්‍රියතම මතක සටහන් Marble කිරීමට තෝරා ගන්නේ තම මිතුරන් ඉදිරියේ ඒවා සොයා ගත් බව පෙන්වීමට ය.

Marble.cards වෙත යන්න

MarbleCards - Collect the web
මේ පිලිබඳ තවත් තොරතුරු දැනගැනීමට අපගේ Telegram සමූහයන් සමඟ එකතු වන්න

Tags