Bitcoin ගන්න හොදම කාලේ මොකද්ද?

Feb 2, 2022


අන්තර්ජාලය, ඒ කියන්නේ Internet එක, සාමාන්‍ය මිනිස්සු අතර ලොකුවට භාවිතයට ආවෙ 90 ගණන් වල. ඊට පස්සේ internet එක පාදක කරගත්ත business වන google, Facebook, yahoo, twitter, amazon වගේ සමාගම් බිහි උනේ 2000 ගණන් වල. අද ඒ සමාගම් වල වටිනාකම ඩොලර් ට්‍රිලියන ගානක්. ඒ උනාට මුළු internet එකම හැදෙන්න මග පෑදුව TCP/IP protocol එක සොයාගත්තේ 1975 වගේ ගොඩක් ඈත කාලෙක.


Bitcoin කියන්නෙත් TCP/IP වගේම protocol එකක්. මේකේ අරමුණ වෙන්නේ internet එක හරහා value transfer කරන එක. වෙනස තියෙන්නේ  මේ protocol එකේදී bitcoin කියල asset එකකුත් තියනව. ඒ asset එක අපිට අයිති කරගන්න පුළුවන්. Bitcoin තියෙන්නේ තවම adoption phase එකේ. Bitcoin නෙට්වර්ක් එක ලෝකේ තවම භාවිතා කරන්නේ ටික දෙනයි. මේකත් හරියට 1970-80 ගණන් වල internet එක වගේ. හිතන්න TCP/IP protocol එකෙන් කෑල්ලක් 1980 කාලේ අපිට අයිති කරගන්න පුළුවන් උනා කියල. එතකොට දැන් තියන ඔක්කොම internet company වල value එක එක්ක protocol එකේ value එකත් වැඩි වෙලා. මේ වගේම දෙයක් තමයි Bitcoin වලටත් වෙන්නේ. තව අවුරුදු 5-10කින් එන ඔක්කොම internet company වල default value transfer protocol එක බවට Bitcoin පත්වෙන එක නවත්තන්න ලෝකේ මොන ආණ්ඩුවකටත් බැරි වෙයි. මොකද Bitcoin තමයි ඇත්තටම decentralized monetary network එක. ඒක දැනටම cashapp, strike වගේ apps වලින් පේනවා. මෙහෙම අවුරුදු 10ක් විතර ඈත හිතල බලනකොට අද කාලේ තමයි Bitcoin ගන්න හොඳම කාලේ.  Price එක ගැන හිතන්නේ නැතුව DCA කරන්න ඉගෙන ගන්න.