Crypto Wallet වර්ග සිංහලෙන්

basics Mar 8, 2021

ඕනෑම දෙයක් තැම්පත් කර තැබීමට Wallet එකක් නැතහොත් පසුම්බියක් අවශ්‍ය වේ. Cryptocurrency වලදී භාවිතා වන මෙම පසුම්බි පිළිබඳව ඉගෙන ගමු.

Crypto Wallet එකක් යනු කුමක්ද?

කෙටියෙන් කිවහොත්, Crypto Wallet එකක් යනු Blockchain Network එකක් සමඟ ක්‍රියා කිරීමට ඔබට භාවිතා කළ හැකි මෙවලමකි . Crypto Wallet වල Software, Hardware සහ Paper Wallet ලෙස කාණ්ඩ තුනකට බෙදිය හැකි විවිධ වර්ග තිබේ. ඒවායේ වැඩ කරන යාන්ත්‍රණයන් මත පදනම්ව, ඒවා Hot Wallets හෝ Cold Wallets ලෙසද හැඳින්විය හැකිය.

Crypto Wallet සපයන්නන්ගෙන් බහුතරයක් Software මත පදනම් වී ඇති අතර එම නිසා Hardware Wallets වලට වඩා ඒවායේ භාවිතය පහසු වේ. කෙසේ වෙතත්, Hardware Wallets වඩාත් ආරක්ෂිත විකල්පය වේ. Paper Wallets යනු කඩදාසික මුද්‍රණය කර ඇති “Wallet” එකක් වන අතර මේ වන විට එම තාක්ෂණය යල් පැන ගිය එකක් සේ සැලකේ.

Cryptocurrency Wallets ක්‍රියා කරන්නේ කෙසේද?

නිරවද්‍යම ලෙස කිවහොත් Crypto Wallets සැබවින්ම Cryptocurrencies ගබඩා නොකරයි. ඒ වෙනුවට, ඒවායේදී සිදුවන්නේ Blockchain සමඟ ඒවා අන්තර් ක්‍රියා කිරීමයි. වෙනත් වචන වලින් කිවහොත්, මෙම Wallets වලට, Blockchain එක හරහා cryptocurrency යැවීම සහ ලැබීමට අවශ්‍ය තොරතුරු ජනනය කළ හැකිය. මේ ක්‍රියාකාරකම් සඳහා Wallets වලට Public Key සහ Private Key යුගල එකක් හෝ වැඩි ගණනක් තිබේ.

Crypto Wallet එකට ලිපිනයක් (Address) ඇතුළත් වන අතර එය Public Key සහ Private Key මත පදනම්ව ජනනය වන හඳුනාගැනීමක් වේ. එය සාමන්‍ය බැංකු ගිණුමක ගිණුම් අංකයක් නැතහොත් මුදල් තැම්පතු කිරීමේ “ස්ථානයක්” ලෙස හැඳින්විය හැකි වෙයි. මෙයින් අදහස් කරන්නේ මුදල් ලබා ගැනීම සඳහා ඔබේ ලිපිනය අන් අය සමඟ බෙදා ගත හැකි නමුත් ඔබ කිසි විටෙකත් ඔබේ Private Key එක කිසිවෙකුට හෙළි නොකළ යුතු බවයි.

ඔබ කුමන Crypto Wallet එකක් භාවිතා කළත් Private Key එක මගින් ඔබගේ Crypto මුදල් සඳහා Access ලබා දෙයි. එබැවින් ඔබේ පරිගණකය හෝ ස්මාර්ට් ජංගම දුරකථනය නැති වුවහොත්, ඔබට ඔබගේ ඇති වෙනත් Crypto Wallet හරහා ඔබේ මුදල් වෙත පිවිසිය හැකිය — ඔබට අදාළ Private Key එක (හෝ Seed Phrase) ඔබ ලඟ ඇති තාක්, මුදල් කිසි විටෙකත් Blockchain එකෙන් ඉවත් නොවන බව සලකන්න.

Hot Wallets හා Cold Wallets

ඉහත සඳහන් කළ පරිදි, Cryptocurrency Wallets ක්‍රියාත්මක වන ආකාරය අනුව ඒවා “Hot” හෝ “Cold” ලෙසද අර්ථ දැක්විය හැකිය.

Hot Wallets යනු කෙසේ හෝ අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති ඕනෑම Wallet එකකි. උදාහරණයක් ලෙස, ඔබ Binance හි ගිණුමක් සාදා ඔබේ Wallets වෙත මුදල් යවන විට, ඔබ Binance හි Hot Wallet එකට මුදල් තැන්පත් කරයි. මෙම Wallets සැකසීම තරමක් පහසු වන අතර මුදල් වලට ඉක්මන් ප්‍රවේශ විය හැකිය. මේ නිසා ඒවා Traders ලාට හා නිතර හුවමාරු සඳහා භාවිතා කරන්නන්ට පහසු වේ.

Cold Wallet එකක් සෑමවිටම අන්තර්ජාලයට සම්බන්ධයක් නැත. ඒ වෙනුවට, සෑමවිටම Keys ගබඩා කිරීම සඳහා ඔවුන් භෞතික මාධ්‍යයක් භාවිතා කරයි. එනිසා Cold Wallets ඔබේ Coins Save කිරීම සඳහා වඩා ආරක්ෂිත විකල්පයක් වේ. මෙම ක්‍රමය Cold storage ලෙසද හැඳින්වෙන අතර එය දිගු කාලීන ආයෝජකයින්ට නැතහොත් “HOLDers” ලාට විශේෂයෙන් වැදගත් වෙයි.

Software Wallets

Software Wallets විවිධ වර්ගවලිින් පැමිණේ, සෑම එකකටම ආවේණික ලක්ෂණ ඇත. ඒවායින් බොහොමයක් කෙසේ හෝ අන්තර්ජාලයට සම්බන්ධ වී ඇත (එනම් Hot Wallets වේ). පහත දැක්වෙන්නේ වඩාත් සුලභ හා වැදගත් Software Wallets වර්ග කිහිපයකි.

  • Web Wallet
  • Desktop Wallet
  • Mobile Wallet

Web Wallets

කිසියම් Software එකක් install නොකර Web Browser එක මගින් Blockchain එක access කිරීමට Web Wallets භාවිත කරයි. Exchange wallet හා වෙනත් browser-based wallet යන දෙවර්ගයම මෙයට අයිති වෙයි.

බොහෝ Web Wallets සැකසීමේදී ඔබට Password එකක් යෙදිය හැක. සමහර web wallets වලදී ඔබගේ private keys ඔවුන් ළඟ තබා ගනී. එම කාරණාව අත්දැකීම් අඩු පුද්ගලයන්ට පහසු කාරණාවක් වුවද ඉතා භයානක දෙයකි.

ඔබ ඔබේ private keys වෙන කෙනෙකුට ලබාදෙනවා කියන්නේ ඔබ ඔබේ මුදල් වෙන කෙනෙකු ළඟ තබාගැනීමට අවසර දීමක් වැනියි. මේ ගැටලුව නිසා සමහර web wallets තමන්ගේ private keys export කිරීමේ පහසුකම්ද සපයා දෙයි.

Exchanges භාවිතා කරන විටදී Web Wallets වැඩිපුර භාවිතා වෙන අතර එහිදී තමන්ගේ ආරක්ශාව වැඩි තත්වයෙන් පවත්වා ගැනීමට විවිධ උපක්‍රම භාවිතා වෙයි. Multi Factor Authentication, Phishing Safe Codes වැනි ක්‍රම ඒවාට උදාහරණ වේ. එවිට යම් කෙනෙක්ට ඔබගේ මුරපදය විවෘත වුවත් ඔබේ අනෙකුත් Factors වලට Access නැති නිසා ඔබගෝ crypto මුදල් ආරක්ෂාකාරීව පවතිනවා.

Desktop Wallets

නමෙන් කියැවෙන විදිහටම Desktop Wallets යනු පරිගණකයේ Install කල හැකි Application එකක් වේ. Web based Wallet ලෙස නොව මේවායේදී keys භාවිතය අපහට ලබා දෙයි. අලුතෙන් Desktop Wallet එකක් සාදන විට “wallet.dat” නමින් file එකක් පරිගණකයේ save වන අතර එහි සියලු keys ඇතුලත් වෙයි. එය ඔබට මුරපදයක් මගින් lock කිරීමටද හැකි වේ.

මුරපදය මගින් සම්පූර්ණයෙන්ම wallet file එක encrypt වන අතර එය අමතක වුවහොත් බොහෝවිට ඔබගේ මුදල් වලට ප්‍රවේශ වීමේ හැකියාව අහිමි වේ.

එමනිසා, ඔබේ wallet.dat file එක කොතැනක හෝ ආරක්ෂිතව තබා ගැනීම ඉතා වැදගත්ය. විකල්පයක් ලෙස, ඔබට අදාළ private key එක හෝ seed phrase එක export කළ හැකිය. එසේ කිරීමෙන්, ඔබේ පරිගණකය ක්‍රියා විරහිත වුවහොත් හෝ කෙසේ හෝ ප්‍රවේශ විය නොහැකි වුවහොත් ඔබට පසුව මුදල් වෙත ප්‍රවේශ වීමට හැකි වේ.

පොදුවේ ගත් කල, Desktop Wallets බොහෝ Web based wallets වලට වඩා ආරක්ෂිත යැයි සැලකේ, නමුත් cryptocurrency wallet එකක් සැකසීමට හා භාවිතා කිරීමට පෙර ඔබේ පරිගණකය වෛරස් හා malware මෘදුකාංග වලින් පිරිසිදු බව තහවුරු කර ගැනීම ඉතා වැදගත්ය.

Mobile Wallets

Desktop Wallets වලටම සමාන ලෙස ක්‍රියා කරන මෙම Wallets, mobile Applications ලෙස එයි. QR Code මගින් මුදල් යැවීමට සහ ලබාගැනීමට ඒවා ඔබට ඉඩ සලසන බැවින් මේවා බෙහෙවින් පහසු වේ.

එනිසා Mobile Wallets දෛනික ගනුදෙනු සහ ගෙවීම් සිදු කිරීම සඳහා විශේෂයෙන් සුදුසු වන අතර ඒවා සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති Bitcoin/Ethereum සහ වෙනත් Cryptocurrencies වියදම් කිරීම සඳහා නියම විකල්පයක් බවට පත් කරයි .Trust Wallet යනු Mobile wallet එකකට හොඳ උදාහරණයකි.

කෙසේ වෙතත්, පරිගණක මෙන්ම, ජංගම දුරකථනත් වෛරස හා අනෙකුත් Malware Applications වලට ගොදුරු වේ. එබැවින් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය නැතිවී හෝ කැඩී ගියහොත් ඔබගේ Mobile Wallet එක මුරපදයකින් encrypt කර ඔබේ privet keys හෝ seed phrases Export කර ආරක්ෂිතව තැබීම වඩාත් නුවණට හුරු වෙයි.

Hardware Wallets

Hardware Wallets යනු Public Keys හා Private Keys ජනනය කිරීම සඳහා Random Number Generator (RNG) එකක් භාවිතා කරන භෞතික, විද්‍යුත් උපාංග වේ. එහිදී Keys කිසිවිටෙකත් අන්තර්ජාලයට සම්බන්ධ නොවන අතර ඒවා උපාංගයේම ගබඩා වේ. එනිසා Hardware Wallets, Cold Wallets වර්ගයට අයත් වන අතර එය වඩාත් ආරක්ෂිත විකල්පයක් ලෙස සැලකේ.

මෙම Hardware Wallets, Online සයිබර් ප්‍රහාරයන්ට එරෙහිව ඉහළ මට්ටමේ ආරක්ෂාවක් ලබා දෙන නමුත්, Firmware update කිරීම ආදිය නිසි ආකාරයෙන් සිදු නොකළ හොත් ඒවා වලින්ද අවදානම් ඉදිරිපත් කළ හැකිය. එසේම, Hardware Wallets ටිකක් අඩු User-friendliness එකක් සහිත වන නිසා Hot Wallets හා සසඳන විට මුදල් වෙත ප්‍රවේශ වීමට වඩා අපහසු වේ.

සමහර Hardware Wallets සේවා සපයන්නන් ඔවුන්ගේ Wallets, Web Browser අතුරුමුහුණතට සම්බන්ධ කිරීමට ද ඉඩ ලබා දේ.

ඔබ දීර්ඝ කාලයක් සඳහා හෝ විශාල ප්‍රමාණයක් මුදල් රඳවා තබන්නෙකු නම්, ඔබගේ Cryptocurrency තැබීම සඳහා Hardware Wallets භාවිතා කිරීම සලකා බැලිය යුතුවේ.

වර්තමානයේදී, බොහෝ Hardware Wallets මඟින් ඔබගේ උපාංගය ආරක්ෂා කිරීම සඳහා PIN කේතයක් සැකසීමට ඉඩ ලබා දෙන අතර, Recovery Phase එකක් මගින්— ඔබේ පසුම්බිය නැති වූ විට නැවත සකසා ගැනීම කළ හැකිය.

Paper Wallets

Paper Wallets යනුවෙන් හඳුන්වන්නේ Cryptocurrency Address එක හා Private Key එක QR Code ස්වරූපයෙන් මුද්‍රණය කර තිබෙන කඩදාසියක් වේ. Cryptocurrency ගනුදෙනු සිදු කිරීම සඳහා මෙම කේත භාවිතා කළ හැකිය.

සමහර Paper Wallets, වෙබ් අඩවි සමඟ සම්බන්ධතා නොමැතිව ක්‍රියාත්මක වන අතර අලුත් Address සෑදීම සහ Keys Generate කිරීම සඳහා ඔවුන්ගේ Software එක Download කිරීමට ඔබට ඉඩ සලසයි. එනිසා, මෙම පසුම්බි Online Attacks වලට බෙහෙවින් ප්‍රතිරෝධී වන අතර Cold Storage සඳහා විකල්පයක් ලෙස සැලකිය හැකිය.

කෙසේවෙතත්, බොහෝ අඩුපාඩුකම් නිසා Paper Wallets භාවිතය දැන් භයානක යැයි සලකන අතර ඔබට තවමත් එය භාවිතා කිරීමට අවශ්‍ය නම්, අවදානම් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. Paper Wallets ඇති ප්‍රධාන අඩුපාඩුවක් නම් ඒවා ශේෂය බොහෝ විට යැවිය හැක්කේ සම්පූර්ණයෙන්ම පමණක් වීමයි.

උදාහරණයක් ලෙස, ඔබ Paper Wallet එකක් සාදා එයට මුදල් රැස් කිරීම සඳහා ගනුදෙනු කිහිපයක් යවා ඇති අතර දැන් ඔබගේ Wallet එකේ සම්පූර්ණ ශේෂය 10 BTC බව සිතන්න.

ඔබ 2 BTC ක් වියදම් කිරීමට තීරණය කරන්නේ නම්, ඔබ මුලින්ම 10 BTC ම වෙනත් ආකාරයේ Wallet එකකට යැවිය යුතුය (උදා: Desktop Wallet), ඉන්පසු මුදල් වලින් කොටසක් (2 BTC) වියදම් කර පසුව 8 BTC නව Paper Wallet එකකට ආපසු යැවිය හැකිය.

තාක්ෂණික වශයෙන් පැහැදිලි කලොත් ඔබ Paper Wallet එකේ මුදල් Desktop Wallet එකක් හරහා අඩු ප්‍රමාණයක් වියදම් කලහොත් ඉතිරි මුදල ස්වයංක්‍රීයව Bitcoin Protocol එකේදී සෑදෙන “Change Address” එකකට යොමු වේ. එම “Change Address” එක ඔබ විසින් ක්‍රියාත්මක නොවන එකක් නම් බොහෝ විට ඔබට ඉතුරු මුදල අහිමි වේ..

මේ වනවිට බොහෝ Software Wallets ඔබ Change Address හසුරුවනු ඇති අතර ඉතිරි කාසි ඔබගේ Wallet එකේම කොටසක් වන අලුත් Address එකක වෙත යවනු ඇත. නමුත් මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම්, ඔබේ Paper Wallet එක එහි පළමු ගනුදෙනුව පිටත් කර යැවීමෙන් පසු මුදල කුමක් වුවත් හිස් වනු ඇත. එබැවින් එම ගනුදෙනුවෙන් පසු එය නැවත භාවිතා කිරීමට බලාපොරොත්තු නොවන්න.

Backup වල වැදගත්කම

ඔබගේ cryptocurrency wallets වෙත access නැතිවීම තරමක් මිල අධික අලාභයක් විය හැකිය. එබැවින් ඒවා සෑමවිටම Backup කිරීම වැදගත්ය. බොහෝ අවස්ථාවන්හීදී, මෙය සාක්ෂාත් කරගනු ලබන්නේ හුදෙක් wallet.dat file හෝ seed phrases backup කිරීමෙනි.

නියමිතවම් කිවහොත් seed phrase එක ඔබගේ keys වල root key එක ලෙස ක්‍රියාත්මක වන අතර එමගින් අනෙක් keys generate කිරීමේ හැකියාවද පවතී. ඔබ එය ආරක්ෂාවට encryption සඳහා Password එකක් යෙදුවේ නම් එයද බොහෝ විට backup කිරීම වැදගත් වේ.

සාරාංශය

Crypto Wallets යනු Bitcoin සහ වෙනත් Cryptocurrency භාවිතා කිරීමේ අනිවාර්ය අංගයකි . ඒවා Blockchain Network එක හරහා මුදල් යැවීමට සහ ලබා ගැනීමට ඉඩ සලසන යටිතල ව්‍යුහයේ මූලික අංගයකි. සෑම Wallet වර්ගයකටම එහි වාසි සහ අවාසි ඇත, එබැවින් ඔබේ මුදල් භාවිතයට පෙර ඒවා ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.

Tags