Invest කරන්න පහසුම සහ හොඳම ක්‍රමය

basics Jan 8, 2021
Image for post

හොඳම Bitcoin ආයෝජන උපායමාර්ගයක් සොයන විට, මාධ්‍ය වලින් වැඩිපුරම ආවරණය කරන්නේ කුමක්ද යන්න පමණක් නොව හොඳම විකල්පය සොයා ගැනීම ඉතා වැදගත් වේ.

Dollar Cost Averaging

මෙම ක්‍රමය ඕනෑම Market එකකට සරිලන ආකාරයට තිබෙන අතර Bitcoin වලට සම්බන්ධ වන්නේ කෙසේදැයි පරීක්ෂා කරමු.

Image for post

බොහෝ දෙනා කිසියම් වෙලඳපොලක (Crypto/Gold/USD) අගය වැඩිවීම දුටු විටම තීරණය කරන්නේ ඉතා සරළ උපාය මාර්ගයක්.

“විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කර එය දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම හොඳ යැයි බොහෝ දෙනා සිතයි, මන්ද ඒ වෙළඳපොලේ ඇති සීමීත සැපයුම හා වැඩිදියුණු කිරීම් නිසා වටිනාකම කාලය සමග වැඩිවන බව පෙනෙන නිසාවෙනි.”

කෙසේ වෙතත්, මෙම ආයෝජන උපායමාර්ගය සමඟ විශාල ගැටළු ප්‍රමාණයක් මතුවේ, මන්ද රත්‍රන්, කොටස් සහ මුදල් වැනි බොහෝ සාම්ප්‍රදායික වත්කම්වලට වඩා Cryptocurrency වල අස්ථාවර බව නැතහොත් Volatile බාවය බෙහෙවින් වැඩියි.

උදාහරණයක් ලෙස ගත්තොත් 2019 දී පමණක් Bitcoin හි මිල ඩොලර් 13,775 ක් තරම් ඉහළ අගයක් ද ඩොලර් 3,394 ක් තරම් අඩු අගයක් ද ගෙන තිබේ.

මෙන්න මේ හේතුව නිසා, ඔබ එහි උපරිම මිලදී ආයෝජනය කලේ නම් ඔබට බොහෝ කලක් බලා සිටීමට සිදු වේ. එසේ නැතහොත් අඩු අගයකදී ආයෝජනය කලේ නම් පහසුවෙන් ලාභ ලැබේ.

Bull (අගය වැඩි වන) Market එකකදී Market එකේ Top එක හඳුනා ගැනීමද, Bear (අගය අඩු වන) Market එකකදී Market Bottom එක හඳුනා ගැනීම Cryptocurrency වැනි Volatile Market එකකදී පහසු කාර්‍යක් නොවෙයි.

මේ නිසා, ක්‍රමානුකූලව Bitcoin සඳහා ආයෝජනය කිරීම වඩා ආරක්ෂිත විකල්පයක් යැයි අපට තීරණය කල හැකියි— ඔබේ වියදම් කිරීමේ හැකියාව පරිදී, නිශ්චිත Bitcoin ප්‍රමාණයක් ලබා ගන්නා තෙක් සමාන ප්‍රමාණයේ කුඩා, නිත්‍ය ආයෝජන සිදු කිරීම මේ සඳහා කල යුතුය. දිනපතා, සතිපතා හෝ මාස්පතා වැනි කැමති ආකාරයකින් මෙය සිදු කිරිමට පුලුවන්.

පහතින් දැක්වෙන්නේ 8000$ ක මුදලක් එක්වර ආයෝජනයේ දී සහ මාසිකව ආයෝජනයේදී අපට ලැබෙන ප්‍රතිලාභා වෙන් කර දැක්වීමකි.

මෙන්න මේ ආයෝජන සංකල්පය Dollar Cost Averaging (DCA) නමින් හැදින් වෙන අතර මෙහි ප්‍රධාන අරමුණ වන්නේ Volatile Market එකකදී විශාල ආයෝජනයක් කිරීමයි.

සමස්තයක් ලෙස ගත් විට, Dollar cost averaging මගින්, Bitcoin මිලදී ගැනීමෙදී එන Emotional ප්‍රශ්ණ සහ තියුණු මිල චලනයන්ගෙන් යම්කිසි ආරක්ෂාවක් ලැබේ.

කෙසේ වුවත් මේ දේ ක්‍රියාවට නංවන්න ටිකක් මහන්සි වී ක්‍රියා කල යුතුයි. Coinbase වැනි සමාගම් වල DCA කිරීම සඳහා එක් එක් විශේෂාංග තිබුණද අවාසනාවට ලංකාවේ අපට එවැනි Card වලින් Buy කිරීමේ හැකියාවක් නැත.

උදාහරණයක් ලෙස අපි බලමු 2017 සිට DCA කරන්නෙකුගේ ලාභය.

ඔබ 2017 ජනවාරි 01 වන දින සිට වසර 4ක්ස ඳහා සෑම සතියකම ඩොලර් 10 ක් වටිනා Bitcoin මිලදී ගත්තා නම්, එවිට ඔබේ මුළු ආයෝජන මුදල ඩොලර් 2,090ක් වේ, නමුත් මේ න විට එහි වටිනාකම ඩොලර් 5,892( + 181.94% ) ක් වනු ඇත.

Image for post

කෙසේ වෙතත්, DCA නිසැකවම ඔබේ අවදානම් අඩු කළ හැකි වුවද, එහි මිල අසාමාන්‍ය ලෙස අඩු වූ විට Bitcoin මිලදී ගැනීම ආරම්භ කිරීම වඩාත් සුදුසු බවත් මතක් කල යුතුයි.

DCA නොමැතිව Bitcoin ආයෝජනය කිරීම (උදාහරණය)

2018 ජනවාරි 1 වන දින කසුන් ඩොලර් 5,000 ක් වටිනා Bitcoin මිලදී ගැනීමට තීරණය කරයි.

එකල Bitcoin මිල ඩොලර් 13,800 ක් වූ අතර එයින් අදහස් වන්නේ කසුන්ට දැන් BTC 0.362 ක් ඇ ති බවයි.

DCA භාවිතා කරමින් Bitcoin සඳහා ආයෝජනය කිරීම (උදාහරණය)

2018 ජනවාරි 1 වන දින වන අතර භාග්‍යා තීරණය කරන්නේ ඇයට ඩොලර් 5,000 ක් වටිනා Bitcoin මිලදී ගැනීමට අවශ්‍ය බවය.

කෙසේ වෙතත්, එදින මුළු මුදලම ආයෝජනය කරනවා වෙනුවට, ඇය සෑම මසකම ඩොලර් 500 ක්, මාස 10 ක් සඳහා මිලදී ගැනීමට තීරණය කරයි.

මාස 10 කට පසු භාග්‍යාට BTC 0.61 ක මුදලක් ලැබේ, දෙදෙනාම එකම මුදලක් ආයෝජනය කළද එය කසුන්ගේ මුදලට වඩා දෙගුණයකි.

Dollar Cost Averaging පිලිබඳ ගණනය කිරීම් බැලීමට සහ සැසඳීමට වෙබ් අඩවියක් පහතින් දක්වා ඇත.

Dollar Cost Averaging Bitcoin - dcaBTC

dcabtc.com

නිගමනය

DCA යනු ආයෝජනයට, Market අස්ථාවරත්වයේ බලපෑම අවම කිරීම සඳහා යොදාගත් උපාය මාර්ගයකි. ආයෝජනය කුඩා කැබලිවලට බෙදීම සහ නියමිත වේලාවට මිලදී ගැනීම ඊට ඇතුළත් වේ.

මෙම උපක්‍රමය භාවිතා කිරීමේ ප්‍රධාන වාසිය පහත දැක්වේ.

වෙළඳපල කාලානුරූපව නිශ්චය කිරීම දුෂ්කර නිසාත් වෙළඳපලවල් සක්‍රියව නිරීක්ෂණය කිරීමට බොහෝ කාලය ගත වෙන නිසාත් මේ ආකාරයෙන් පහසුවෙන් තමන්ගේ ආයෝජනය කළ හැකිය.

Tags